Saturday, September 28, 2013

දෙමළ බස අකුරින් අකුර (12)

12. ண - ණ 


  • සිංහල ' ණ ' අකුර මෙන් වචනයක මැදට හා අගට පමණක් යෙදේ.

  • ' ப ' අකුර ' බ ' ශබ්දයෙන් 
  1. ' ம் ' අකුරට පසුව ' ப ' යෙදෙන විට 
  2. ' න ' (ந/ன/ண) ශබ්දයට පසුව ' ப ' යෙදෙන විට 

வணக்கம் - වණක්කම් - ආයුබෝවන් 
 
வண்ணம் / வர்ணம் - වණ්ණම් / වර්ණම් - වර්ණය 

அண்ணா - අණ්ණා - අයියා 

கண் - කණ් -ඇස

மண் - මණ් - පස්

அம்பலம் - අම්බලම් - අම්බලම 

நண்பன் - නණ්බන් - මිත්‍රයා 

1 comment: