Monday, October 14, 2013

දෙමළ බස අකුරින් අකුර (17)

17. ட - ඩ  


  • වචනයක මුල මැද අග ' ඩ ' ශබ්දය යෙදේ.
  • දෙමළ භාෂාවේ ' ඩ්  ශබ්දයක් නැත. ட் ශබ්ද කරන්නේ ' ට් ' ලෙසිනි. 
படம் - පඩම් - පින්තුරය/සිතියම  

கடல் - කඩල් - මුහුද 

பாடம் - පාඩම් - පාඩම 

மடம் - මඩම් - මඩම 

டம்டர் - ඩම්ලර් - තඹලේරුව -

டமார் - ඩමාර් - ලෝහ බෙරය 

විශේෂණ පදයකට පසුව යෙදෙන වචනයේ මුල් අකුර ப නම් මුල් වචනයේ අගට ப் යොදා වචන දෙක එකට ශබ්ද කරයි. 


இந்த படம் - இந்தப்படம்  - මේ පින්තුරය 


க, த,  ச   ද මේ ආකාරයට යෙදේ. 


No comments:

Post a Comment