Monday, October 14, 2013

දෙමළ බස අකුරින් අකුර (17)

17. ட - ඩ  


  • වචනයක මුල මැද අග ' ඩ ' ශබ්දය යෙදේ.
  • දෙමළ භාෂාවේ ' ඩ්  ශබ්දයක් නැත. ட் ශබ්ද කරන්නේ ' ට් ' ලෙසිනි. 
படம் - පඩම් - පින්තුරය/සිතියම  

கடல் - කඩල් - මුහුද 

பாடம் - පාඩම් - පාඩම 

மடம் - මඩම් - මඩම 

டம்டர் - ඩම්ලර් - තඹලේරුව -

டமார் - ඩමාර් - ලෝහ බෙරය 

විශේෂණ පදයකට පසුව යෙදෙන වචනයේ මුල් අකුර ப නම් මුල් වචනයේ අගට ப் යොදා වචන දෙක එකට ශබ්ද කරයි. 


இந்த படம் - இந்தப்படம்  - මේ පින්තුරය 


க, த,  ச   ද මේ ආකාරයට යෙදේ. 


Saturday, October 12, 2013

දෙමළ බස අකුරින් අකුර (16)

16.    இ -ඉ            ஈ - ඊ

*இப்ப  - ඉප්ප - දැන් 

இலக்கணம் - ඉලක්කණම් - ව්‍යාකරණ

இவர் - ඉවර් - මොහු 

இவள் - ඉවළ් - මැය 

இந்த - ඉන්ද - මේ 

*இல்ல - ඉල්ල - නැහැ 

ஈயம் - ඊයම් - ඊයම්  

ஈரப்பலக்காய் - ඊරප්පලාක්කයි - දෙල් ගෙඩිය 


Download the Dictionary

කතාබහේ යෙදෙන இப்ப /இல்ல වචනවලට ලිවීමේදී ඉප්පෝඩු / ඉල්ලෛ යන වචන යෙදේ 



Thursday, October 10, 2013

දෙමළ බස අකුරින් අකුර (15)

15 .எ - එ         ஏ - ඒ        ஐ - ඓ 


*என் - එන් - මගේ 

என்ன ? - එන්න - ඇයි ?

எப்ப ? - එප්ප - කවද ?

எந்த ? - එන්ද - මොන ?

எவர்கள் ? - එවර්හළ් - කවුරුන් ?

எங்கள் - එඞ්ගළ් - අපේ 

ஏன் ? - එන් -ඇයි 

*ஏலா - ඒලා -බැහැ

ஐயா - ඓයා - මහත්මයා 

ஐவர் - ඓවර් - පස්දෙනා 

ஐயன் - ඓයන් - උතුමා / පියා 

ஐயனார் - ඓයනර් - දෙවියා 

காரணம் - කාරණම් - කාරණය 

நண்பர்கள் - නණ්බර්ගළ් - මිත්‍රයෝ 

தான் - තාන් - තමයි 


* කතා බහේදී යෙදෙන என் / ஏலா වචන වලට ලිවීමේදී එනදු / මුඩියාදු ලෙස යෙදේ.

Wednesday, October 9, 2013

දෙමළ බස අකුරින් අකුර (14)

14. ங - ඞ

ங் අකුර යෙදෙන්නේ  ' ங ' හෝ ' க ' අකුරුවලට මුලිනි

ங் අකුරට පසුව යෙදෙන ' க '  ග ලෙස ශබ්ද වේ.


வாங்க - වාඞ්ග / වාංග - එන්න 

தாங்க - තාඞ්ග / තාංග - දෙන්න 

மாங்காய் - මාඞ්ගාය් / මාංගාය් - අඔ ගෙඩිය 

காகம் - කාහම්  - කාක්කා

தாகம் - තාහම් - පිපාසය 

Monday, October 7, 2013

දෙමළ බස අකුරින් අකුර (13)

13. ள - ළ


සිංහල ' ළ ' අකුර මෙන් වචනයක මැද අග යෙදේ. 


தாளம் - තාළම් - තලම්පොට 

அவள் - අවළ‌් - ඈ / ඇය

மக்கள் -  මක්කළ් - ජනතාව 

ஆள் - ආළ් - තැනැත්තා 

கள்ளன் / கள்வன் - කළ්ළන් / කළ්වන් - හොරා 

நாள்- නාළ් - දවස 

மகள் - මහළ් - දුව

அவர்கள் - අවර්හළ් - ඔවුහු (ඔවුන්)